සිරි ලංකාවේ මිනිස්සු අනුන් විවේචනය කරන්නට ඉතා දක්ෂය.කැමතිය. විශේෂයෙන්ම ගැහැනුන් විවේචනය කිරීමට පිරිමින්ද , තමන්ගේම වර්ගයා විවේචනය කරන්නට ගැහැණුන්ද ඉතා කැමතිය. දඟකාර කෙල්ලෙක් හෝ කාන්තාවක් ගමක හෝ නගරයක සිටී නම් ගැහැනුන් ඇය විවේචනය කරන්නේ " ඕකිට මදන විසේ ඔලුවට ගහල " " ඕකිට මිනිස්සු ඉසේ කෙස් ගානට ." ආදී ලෙස හෙලා දකිමිනි. පිරිමින් එවැනි තරුණියක් හෝ කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී ලෙස පරිභව කරමිනි. විශේෂයෙන්ම කාන්තාවන් හෙලා දැකීම අනාදිමත් කාලයක සිට පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්රී රාහුල ස්වාමින් වහන්සේ ලිව් කාව්යසේකරයේ "පිරිමිනිදු පතන අවසර කල රහස් තැන මිස නොලැබෙන බැවින ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන." යන පද හතර කියවූ විට සිතේ. උන්වහන්සේ ගැහැනුන්ට එසේ තඩි බෑවේ උන්වහන්සේ පවුද්ගලිකව ලැබූ අත් දැකීම් නිසාද, නැතහොත් එකල සමාජයේ ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත තැනක් ලැබුණු සැනින් තවත් පිරිමින් සමග රමණයේ යෙදීම සුලබව සිදු වී නිසා
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත