Thursday, March 30, 2017

හොරගොල්ලේ පොල්ගහ



බණ්ඩාරනායක මහතා හොරගොල්ල වලව්වේ ඉදිරිපස එහාට මෙහාට සක්මන් කළේ අසහනනයෙන් සහ කේන්තියෙනි . එක්සත් ජාතික පක්ෂයේ උප නායකයා තමන් වුවත් ඩි . එස්. සේනානායකගෙන් පසු පක්ෂයේ නායකයා බවට ඩඩ්ලි සේනානායක පත් කිරීමට රහසිගත කුමන්ත්‍රණයක් දියත් කොට ඇති බව බණ්ඩාරනායක මහතා දැන ගත්තේ හෝරා දෙකකට කලිනි. කිසිවෙකු තමන්ගේ හිසට පිස්තොලකින් වෙඩි තැබුවාක් මෙන් ඔහුට දැනිණ. බොහෝ වෙලාවක් සක්මනේ යෙදුණු ඔහු කීප දෙනෙකු සමග දුරකතනයෙන් කතා කොට අවසන් නිගමනයකට පැමිණියේය.

 

" You  fucking bastards ! I'll teach you a fucking lesson   " කියා හොරගොල්ල වත්තේ  සිට   මහපාරට ඇසෙන්නට  කැ  ගැසූ   බණ්ඩාරනායක  මහතා  පසුදා  සිට පන්සල්   චාරිකාවක් අරඹා අලුතෙන් ආරම්භ  කරන  පක්ෂයට භික්ෂුන් වහන්සේලාගේ  සහයෝගය ලබා  ගත යුතු  යැයි තීරණය  කළේය.

 චාරිකාව  අරඹා  තුන්වන දිනයේ කැලණිය රජමහා විහාරයටද  ගොඩවිය . එහි අධිපතියාවූ බුද්ධරක්ඛිත ඔහු  සාදරයෙන් පිළිගෙන  විස්කි සංග්‍රහයක්ද  කළ අතර තමන්  අභිනවයෙන් පිහිටුවීමට  යන  දේශපාලන  පක්ෂයට සම්බන්ධවන  ලෙස  බුද්ධරක්ඛිත  උන්නාන්සේට  ආරාධනා  කළේය. එයට එක  පයින්  කැමතිවු  බුද්ධරක්ඛිත තෙර හෝරාවක්  තිස්සේ  කළ  දේශපාලන  සාකච්චාවකින් ඉක්බිතිව  කහපාට රෙදි  කැබැල්ලකින්  මනා ලෙස  ඔතන  ලද  වෙලුණු පොල් ගෙඩියක්  බණ්ඩාරනායක  මහතා වෙත  පිළිගන්වමින්  එය  දුටුගැමුණු  රජ්ජුරුවන්ගේ උයනේ  පොල්ගසක  පරම්පරාවට අයත් ඉහල පලදාවකින්  යුතු අවුරුදු 5න් පීදෙන  හිංගල වර්ගයට අයත් පොල්  ගෙඩියක්  බව  සඳහන්  කරමින් එය හොරගොල්ල වලව්  වත්තේ  සිටුවන ලෙස අනුශාසනා කළේය රාජ්‍ය බලය ලබා ගැනීමට  හිංගල පොල්  මහෝපකාරී වන  බව  මහාවංශ ග්‍රන්ථ රත්නයේ සඳහන්  වන  බව  හේ  තවදුරටත් කියා  සිටියේය...


කණ්ඨක මානික්‍ය රත්නය ලැබුනා සේ මහත් ප්‍රීතියට පත් බණ්ඩාරනායක මහතා පසු දින එළඹී අස්විද නැකතෙන් එම පොල්ගෙඩිය හොරගොල්ල වත්තේ සිටවූ අතර නිරන්තරයෙන් සාත්තු කළ හෙයින් ඉක්මනින් වැඩී අවුරුදු 5 ලබන්නට පෙරම පල දරන්නට පටන් ගත්තේය.

1956 මහා මැතිවරණය ප්‍රකාශයට පත් කල වහාම බුද්ධරක්ඛිත උන්නාන්සේගේ උපදෙස් අනුව යමින් බණ්ඩා මහතා සිංහල පොල් ගසෙන් පොල්වල්ලක් කප්පවා වලව්වේ සේවකයන් ලවා පොල්තෙල් බෝතල් තුනක් සිඳුවා ගත් අතර නාම යෝජනා ඉදිරිපත් කල දිනයේ පටන් සෑම මැතිවරණ රැස්වීමකටම ගියේ පෙර සිඳුවා ගන්න ලද හිංගල පොල්තෙල් ස්වල්පයක් හිසේ සහ නළලේ ආලේප කරගෙනය . හිංගල පොල් තෙලේ ආනුභාවය කොතරම් වීද යත් 1956 මහා මැතිවරණයෙන් බණ්ඩාරනායක මහතා ජයගෙන ආණ්ඩුවක් පිහිටුවා අගමැති ධුරය හිමි කර ගත්තේය .

ජේ ආර් ජයවර්ධන මහතාටද මේ ගැන ආරංචි වී දිනක් රාත්‍රියේ හොරගොල්ල වත්තට රහසිගතව ඇතුළුවී පොල් ගසට නැග පොල් ගෙඩියක් හනික කඩා කටින් එල්ලා ගෙන බැස කම්බි වැට අසල නවතා තිබු මෝටර් රථයට නැග ඉතා වේගයෙන් වෝඩ් පෙදෙසට පැමිණ එදින රාත්‍රියේම තම වත්තේ පසු පස පෙදෙසේ පොල්ගෙඩිය සිටුවීය. ඇමරිකානු තානාපති කාර්යාලයෙන් වරින් වර ලැබුණු පොහොර වර්ගයක් එයට යෙදු බැවින් ඉක්මනින් පොල්පැලය වැඩී උස් මහත්වී ගෙඩි සියගණනින් යුතු පොල්වලු එල්ලෙන්නට විය 1977 ජේ.ආර්. ජයවර්ධන මහතාට බලය ලබා ගැනීමට හැකි වුයේ එම පොල්ගසේ පලදාවෙන් සිඳින ලද තෙල් හිසේ ආලේප කොට නාම යෝජනා දීමට ගිය නිසා බව ඔහුගේ භාර්යාව ඇමරිකානු තානාපතිවරයා සමග කළ සාකච්චාවකදී ප්‍රකාශ කල බව තානාපතිවරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට යැවූ ලිපියක සඳහා කොට තිබේ. මෙය wiki leaks වෙබ් අඩවිය විසින්ද සනාථ කර ඇත..


1971 කැරැල්ල නිසා සිරබත් කමින් සිටි රෝහණ විජේවීර මහතාටද හොරගොල්ල වත්තේ තිබෙන හිංගල පොල්ගසේ ආනුභාවය ගැන දැන ගන්නට ලැබිණ .එම පොල්ගසෙන් පොල් ගෙඩියක් හොරකම් කොට තංගල්ලේ කෝට්ටෙගොඩ වත්තේ සිටුවාගත හොත් කඩිනමින් රාජ්‍ය බලය ලබා ගැනීමට එය මහෝපාකාරී වෙනු ඇතැයි කල්පනා කළේය .

1977 සිර ගෙදරින් එලියට පැමිණි විජේවීර මහතා ඉක්මනින්ම දේශපාලන මණ්ඩලයේ රැස්වීමක් කැඳවා හොරගොල්ල වත්තේ තිබෙන දුටුගැමුණු පරම්පාරාවේ හිංගල පොල්ගසින් පොල්ගෙඩියක් හොරකම් කොට රහසිගත ස්ථානයක සිටුවීමට යෝජනා කළේය. සෝමවංශ අමරසිංහ මහතා හැර අන් සියල්ලෝම එයට විරුද්ධ වුයෙන් විජේවීර මහතා තම යෝජනාව තාවකාලිකව හකුලා ගත්තේය. ලයනල් බෝපගේ සහ කෙලි සේනානායක යන දේශපාලන මණ්ඩල සභිකයෝ ප්‍රතිව්රුද්ධ යෝජනවක් ඉදිරිපත් කරමින් තල් පැල සියයක් සිටවුවහොත් බලය ලබා ගැනීමට වඩා මහෝපකාරී වනු ඇතැයි කියා සිටියෝය. එම යෝජනාව ඇසු විජේවීර මහතාට 84000 ට කේන්ති ගොස් යකා නටන්නට වුයෙන් බෝපගේ සහ කෙලි සේනානායක ප්‍රතිවිරුද්ධ යෝජනව ඉල්ලා අස්කර ගත්හ.

1983 ජවිපෙ තහනම් කළ විට තමා මරන්නට ජේ. ආර්. කුමන්ත්‍රනයක් දියත් කොට ඇතැයි වෙවුලා ගිය විජේවීර මහතා දකුණේ මහා ඝන කැළවක සැගවුණු විජේවීර මහතා තුන් මසක් ඇවෑමෙන් තරමක් බිය පහව ගිය පසු සෝමවංශ මහතාට රහසිගත පණිවිඩයක් යවා ඝන වනාන්තරය තුළට ගෙන්වා ගත්තේය.

කිසිවෙකුට හෙළි නොකරන බවට සෝමවංශ මහතාව ගිවිසුවා ගත් විජේවීර මහතා හොරගොල්ල වත්තේ තිබෙන හිංගල පොල්ගස මහා බලසම්පන්න බවත් එය 1956 දී ද 1960 දීද ඔප්පු වී ඇති බැවින්ද ජේ ආර්.ජයවර්ධන ද එම පොල්ගසේ ගෙඩිවලින් සිඳින ලද පොල්තෙල් බෝතලයක් හොරගොල්ල වලව්වෙන් පන්නා ගත් බැවින් 1977 ජයග්‍රහණය කිරීමට හේතුභූත වී ඇති බැවින්ද එම පොල්ගසෙන් පොල් ගෙඩියක් හොරකම් කිරීම සඳහා රහසිගත ක්රියාන්විතයක් දියත් කළ යුතුයැයි කියා සිටියේය.එයට එක හෙලා කැමතිවු සෝමවංශ අමරසිංහ මහතා පොල් ගෙඩියක් වෙනුවට පොල්ගසම උස්සමු යැයි යෝජනා කළේය. එය ක්‍රියාත්මක කළහොත් ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමා ලංකා හමුදාව පමණක් නොව ඉන්දියානු හමුදාවද ඇමරිකානු හමුදාවද යොදවා ලංකාවේ අස්සක් මුල්ලක් නෑර පීරා පොල්ගස පමණක් නොව අපවද අල්ලගෙන යනු ඇතැයි විජේවීර මහතා දහදිය දමමින් කියා සිටියේය. එය පරම සත්‍යයක් බව වැටහීමට සෝමවංශ මහතාට වැඩිවෙලාවක් ගත වුයේ නැත. .

පොල්ගෙඩියේ ක්‍රියාන්විතය අකුරටම ක්‍රියාත්මක කිරීමට පොරොන්දුවූ සෝමවංශ මහතා ආපසු හිනිඳුම බලා ගොස් ගමනායක සහ සමන් පියසිරි ප්‍රනාන්දු යන මහතුන්ට පණිවිඩ යවා ගෙන්වා ගත්තේය. විජේවීර මහතාගේ නියෝගය ඔවුන්ට දැනුම් දුන් අතර එය ක්‍රියාත්මක කිරීම සඳහා දිනයක්ද වේලාවක්ද යොදාගත්හ. නියමිත දින රාත්‍රී 11.35ට පමණ හොරගොල්ල වත්තේ කටුකම්බි වැට ළඟදී මුණගැසුණු ඔවුහු අඬුවකින් කටුකම්බි කපා දමා වත්තට ඇතුළු වුහ. එදින මාස පෝය දිනයක් වූ බැවින් බැලු බැලු අත කට්ට කරුවල විය . හොරගොල්ල වත්තේ මුරකරුවෙකු ජනතා විමුක්ති පෙරමුණේ දේශප්‍රේමී හමුදාවට බඳවා ගෙන සිටි බැවින් නියමිත පොල්ගස සොයා ගැනීම ඉතා පහසු විය. පැලකිරීමට සුදුසු පොල්ගෙඩියක් කඩා ගැනීම ඉතා වැදගත් වුයෙන් සෝමවංශ මහතාම පොල්ගසට නැග්ගේය . සුදුසු පොල්ගෙඩියක් තෝරන අතර තුර ජීප් රථයක හඬක් ඇසුනෙන් පිරිස මහත් සේ කලබල වුහ. පුරුෂ වීර්ය කැඳවා ගත් සෝමවංශ මහතා පොල්ගෙඩියක් කඩා කටින් එල්ලා ගෙන වේගයෙන් පහලට බැස්ස විගසම සියලු දෙනාම මීටර 500 ක් පමණ දුව ගොස් ලඳු කැලයක සැඟවුනාහ. පැයක පමණ කාලයක් සැඟවී සිටින විට ජීප් රථය ආපසු යනු ඇසුණු බැවින් සෙමින් සෙමින් වැට අසලට වුත් සඟවා තිබු රැලේ බයිසිකල්වල නැගී පැයට සැතපුම් 40 වේගයෙන් එක හුස්මට පැද ගොස් රහසිගත ස්ථානයකට පැමිණියහ.

ඉන් දින දෙකකට පසු විජේවීර මහතා හමුවීමට ඝන කැලෑවට ගිය සෝමවංශ මහතා සිංහල පොල් ගෙඩිය ආඩම්බරයෙන් යුතුව විජේවීර මහතාට පිලිගන්වා සැලියුට් කර සිටියේය. මහත් සේ ප්‍රීතිප්‍රමෝදයට පත්වූ විජේවීර මහතා රාජ්‍ය බලය ලබා ගත් විගස අගමැති තනතුර සෝමවංශ මහතාට ලබා දෙන බව කණට කර කියා සිටියේය.

ජේ ආර ජයවර්ධන මහතාට ජවිපෙ රහසිගත ක්‍රියාන්විතය පිලිබඳ තොරතුරු රහත් ඔත්තු සේවා විසින් ඉදිරිපත් කළ විට ඔහු බක බක ගා බොහෝ වෙලාවක් යන තුරු සිනා සුනේය. එයට හේතු වූ රහස දැන හිටියේ ඔහුත් ගාමිණි දිසානායක මහතාත් සිරිල් මැතිව් මහතාත් පමණි. 1977 මහා මැතිවරණයෙන් ඉක්බිති පොලීසියට සතියක පමණ නිවාඩු කාලයක් ජේ ආර් ජයවර්ධන සිරිමතාණන් විසින් ලබා දී තිබු බැවින් සියගණන් යුඑන්පී කාරයන් හොරගොල්ල වත්තට පැන මුරකරුවන්ට පහර දී වත්තේ තිබු පොල් පමණක් නොව කුරුම්බාද කඩාගෙන ගියහ වලව්වේ මුරකාරයන් ඇතුළු සියල්ලෝම පැන ගොස් තිබුණු බැවින් ජේ ආර ජයවර්ධන මහතා සිරිල් මැතිව් සහ ගාමිණි දිසානායක යොදවා හොරගොල්ල වලව් වත්තේ තිබු හිංගල පොල්ගස ගලවා ඉවත් කොට එම උස මහත ප්‍රමාණයේම වෙනත් පොල්ගසක් එම ස්ථානයේම සිටුවීමට බලයට පත්වී හයවන දිනයේදී කටයුතු කරැ තිබුනේ බල්ලෙකුටවත් දැන ගැනීමට නොහැකි වන ලෙසය.

විජේවීර මහතා එකී පොල් ගෙඩිය ඔහු සැඟවී සිටි වනාන්තරයේ රහසිගත ස්ථානයක ඔහුගේ සහකරුවා ලවා සිටවූ අතර උතුරු කොරියාවේ නිපදවන ලද පොහොර සහ කියුබාවේ නිපදවන ලද පොහොරද මාරුවෙන් මාරුවට දැමු බැවින් වසර තුනක් යනවිට උස් ගසක් බවට පත්ව පළ දරන්නට පටන් ගත්තේය .තවත් වසර දෙකක් ගතවන විට එකී පොල්ගසේ ගෙඩි වලින් නිෂ්පාදනය කරන ලද පොල්තෙල් ප්‍රමාණය තෙල් බෝතල් 500 ඉක්මවා තිබුනේය . උතුර සහ නැගෙනහිර හැර අන් සියලුම පළාත් වෙත එකී පොල්තෙල් බෙදා හැරී අතර දේශප්‍රේමී සන්නද්ධ බලකායේ සියලුම භටයන් සටනට යාමට පෙර එම පොල්තෙල් ස්වල්පයක් හිසේ තවරාගෙන යා යුතු බවට විජේවීර මහතා නියෝගයක් නිකුත් කළේය .

( ප.ලි සෝමවංශ මහතා එම පොල්ගසෙන් පොල්ගෙඩියක් රහසිගතව කඩාගෙන ගියට බව ජේ ආර් ජයවර්ධන මහතාට වාර්තා කිරීමට රාජ්‍ය ඔත්තු සේවාවන්ට හැකි වුයේ ජවිපෙ දේශප්‍රේමී සංවිධානයේ සාමාජිකයෙකු වූ මුර කරුවා ආණ්ඩුවේ රහස් ඔත්තු සේවයටද ඔත්තු සැපයු නිසාය ).




Saturday, March 25, 2017

නරියෙකුගේ කතාව

                           

             
    


   කපටි සුත්තර  කාර දේශපාලකයෙකු වූ   ජේ  ආර් . ජයවර්ධන මහතාට   old fox කියා නමක්  දැම්මේ ලංකාවේ   ඉංග්‍රීසි  පත්තරවිසිනි   . ජේ ආර් . ජයවර්ධන  මහතා  නාකි  නරියෙක්   ලෙස  නම් කරමින්  පත්තර  කාරයන් ලීවද  ඔහු එය තුට්ටුවකටවත්  ගණන්  ගත්තේ  නැත.  වර්තමාන දේශපාලකයන් අතර  වීරවංශ  මහතාද   නරියෙකු  බව  බොහෝ අයගේ  මතයයි.  විමල් වීරවංශ වනාහි නිකම්ම  නරියෙකු  නොව දේශප්‍රේමී  නරියෙකු  බව  කියන්නෝද සිටිති.  

මා  ලියන්නට  යන්නේ  ජේ.ආර්. ජයවර්ධන  ගැන  නොව වීමල් වීරවංස  මන්ත්‍රී  තුමා  ගැනය. එතුමා දක්ෂයෙකි . දේශප්‍රේමී  පෝස්ටරය ම්නිස්සුන්ගේ ඔලුවේ අලවා ඔවුන්ගේ  සාක්කුවට විදීමට දක්ෂ  කීප දෙනා  අතර ඔහු  පළමුවෙනියා නොව දෙවෙනියා  බව සැලකුවාට වැරද්දක්  නැත   . බයිසිකලයෙන්  දේශපාලන අරඹා කෝටි 4 ක් වටිනා වාහනයක අයිති  කරුවෙකු විය  හැක්කේ දක්ෂයෙකුට පමණි.  කුඩා  නිවසකින් ජීවිතය  ඇරඹු ඔහු අද  ජීවත්වන්නේ  අඩි 10ක් 12 ක් උස  තාප්පයකින් වට  කරනු  ලැබූ  මහල් ප්‍රාසාදයකය .දේශප්‍රේමයට  කප්  ගැසූ ජවිපෙට  මන්ත්‍රී  කම් 6ක්   පමණක්  ලැබෙද්දී දේශප්‍රේමී ගුලිය  ශ්‍රී  ලංකා  කාරයන්ට  කවා ඔවුන්ගේ  චන්ද  පික්පොකට්  ගසා  මන්ත්‍රී ධුර 5ක් ලබා  ගැනීමට වීරවංශ  මහතා  ශුර විය. 


 

කෙනෙකුගේ  හරි විස්තරයක් ලියන විට ඔහුගේ  උපතේ  සිට  ලිවිය  යුතුය.  කණගාටුවට  කරුණ  නම්  වීරවංශ මහතාගේ  උපතේ  සිට  ලිවීමට   නොහැකි වීමය .හේතුව ඔහුට  උපන් දින දෙකක් තිබීමය  .එක  උපන් දිනයක් 1965 මාර්තු 7 වන අතර අනිත් උපන් දිනය වන්නේ 1970 මාර්තු  7 ය. ඔහුගේ  දරුවන්ගේ  උප්පැන්න සහතිකවල  ඔහුගේ  උපන් දිනය ලෙස  1965 මාර්තු  7 ලෙස දක්වා ඇති  නමුත්  ඔහුගේ  උපන් දිනය  ලෙස  පාර්ලිමේන්තු ලේඛනවල ඇතුලත්  කර ඇත්තේ  1970 මාර්තු 7 ලෙසය.

 

වීරවංශ  මහතාගේ ඇඹේනියටද  උපන් දින දෙකකි .මුලින් ඇයගේ  උපන්නේ  1967 පෙබරවාරි 1 ය .පසුව ඇය 1971 පෙබරවාරි 3  යලි  ඉපදී  තිබේ. හැඳිනුම් පත් දෙකක්ද ඇයට  තිබුණු අතර ඒවා  භාවිතා  කොට  තානාපති ගමන් බලපත්‍රයක් ලබා  ගැනීමටද ඇය දක්ෂ වුවාය .


ලංකාවේ  නීතිය විසින්   වංචනික   ලෙස  උපන් දිනය වෙනස්   කරන අය සඳහා  අවුරුදු 7  සිර දඬුවමක්  නියම කර  තිබේ. එහෙත් දක්ෂයෙකු  වන  ඔහු විනිශ්චය  කරුවන්ගේ  කනෙන් රිංගා  ගෙදර එනු ඇද්දැයි  කීමට  තවමත්  කල් වැඩිය  .

වීරවංස  මහතාට ඇත්තේ උපන් දින  දෙකක්  පමණක්  නොවේ. ගමන්    බල පත්‍ර දෙකක්  (passport) දෙකක්ද  තිබුනේය .. වරෙක පරණ ගමන් බලපත්‍රය  අස්ථානගත වූ  අතර  තවත් විටෙක අලුත්  ගමන් බලපත්‍රය අස්ථාන  ගත විය . එව්වා  අත්භූත  බලයකින් යුක්ත විය පරණ පාස්පෝට් එක අස්ථාන ගත වනවිට අලුත් එක ප්රාතුර්භුත වේ. අලුත් ගමන් බලපත්‍රය අතුරු දහන් වෙන විට පරණ ගමන් බල  පත්‍රය  ඔහුගේ  මේසයට  පියඹා එන්නේය.


උපන් දින දෙකක් පාස්පෝර්ට් දෙකක් පමණක් නොව  භාර්යාවන් දෙදෙනෙකුද  තබා  ගැනීමට ඔහු  උත්සාහ  කළ  බව සමහරු  කියති  ඒ  පිලිබඳ  කතාන්දරය මෙසේය වීරවංශ  මහතා සහ  නෝනා  බලවත් ආර්ථික අමාරුකම් වලින්  පෙළෙමින් සිටි සමයේ ආධාරරෝපකර  කළ  පොළොන්නරුවේ  පවුලක අවුරුදු 24 ක තරුණියකට ලේක්හවුස් ආයතනයේ  පරිගණක  ක්‍රියා කරු තනතුරක් 2008 දී ලබා  දුන් වීරවංශ මහතා ඔහුට   හිමි නිවෙස් දෙකකින්  එකක ඇයට  නවාතැන්ද  දුන්නේය. ඉන් පසුව    විවිධ  තැන්  වලට  යාමට  පැමිණෙන  ලෙස  ඔහු ඇයට ආරාධනා  කළ  නමුත් ඇය  එම ඉල්ලීම්  ප්‍රතික්ෂේප කිරීම  නිසා ඔහුගේ එම උත්සාහය වැරදී  ගියේය. පසුව  එම උත්සාහය  පිළිබඳව කිසියම්   පුවත්පතක  පළවීම  නිසා වියරුවට  පත්  වීරවංශ  රාජපක්ෂ  මහතාගේ කුණුහරුප  පරදවන  කුණුහරුපයෙන් ඇයට  බැන වැදුනේය. ඉන්පසු   වහා   ක්‍රියාත්මක වන  පරිදි  ඇය අනුරාධපුරයට ස්ථාන  මාරු  කරනු  ලැබූ  අතර මහින්ද  රාජපක්ෂ  මහතාට දැනුම් දී  සහනයක් ලබා   ගැනීමට එම තරුණිය  උත්සාහ  කළ  නමුත් ඔහුගේ  හදවත්  උණු නොවුණු  බැවින්  ඇය අවසානයේදී  රැකියාවෙන් ඉල්ලා අස්වූවාය.


2008 දී  ජනතා විමුක්ති පෙරමුණ වීරවංශ  පක්ෂයෙන් නෙරපා  හැරිමේදී  එයට එක් හේතුවක් ලෙස  දැක්වුයේ ඔහු සොර ගැහැනුන්  තබා  ගන්නා  බව  කියමිනි.  ඉහත සිද්ධිය  කල එලියට  පැමිණියද වෙනත්  අනියම් සම්බන්ධකම් ඔහුට  තිබුණු  බවට ඒ  අනුව  සැක  කළ හැක.

අපේ  නරි  මහතා  කොපමණ දක්ෂ වුවද   අන්තිමේදී බලාපොරොත්තු  විරහිත  ලෙස  පඹ   ගාලක  පටලැව්නේය . අන්තිමේදී උසාවිය ඔහු සති දෙකකට රිමාන්ඩ්  කළේය  එහෙත් ඔහු   හිර ගෙදරට ගියේ වීරයෙකු  ලෙසිනි . හිරගෙදරට  කොටු කිරීම  තුට්ටුවකටවත්   මායින්   නොකරන  බව ඇඟවීමට  චිත්‍ර  අඳින්නට  පටන් ගන්නා   බව  කීවේය.  මහා  ග්‍රන්ථයක්  ලියන්නට  යන  බව  කීවේය. වැඩිම  උනොත්        මාසෙකින් හමාරකින්  ආපසු  තම නිවසට   යාමට  හැකිවෙනු ඇතැයි  ඔහු සිතන්නට  ඇත. එහෙත්  අනපේක්ෂිත  පරිදි සති දෙකෙන් දෙකට යලි යලි  රිමාන්ඩ් හිර  ගෙදර  ජීවිතය දිගු වන්නට වීම නිසා  අලුත් ගැටයක් ගසා වීරයෙකු ලෙස  හිරෙන්  එලියට ඒමට  කල්පනා  කළේය .  මහජන කැළඹීමක් ඇති  වෙතැයි  නඩුකාරයා බය  කොට  හිර ගෙදරින්  නිදහස්  වීමේ අරමුණෙන් දෝ උපවාසයක්  ඇරඹුවේය. 


එතෙත්  වීරවංස මහතාගේ  උපවාසය  දෙස  මිනිසුන් බලන්නේ  තවත්  උප්පර වැට්ටියක් ලෙස  බව  පෙනේ. මහජන  කැළඹීමක්  පෙනෙන තෙක්  මානයේ  නැති  බැවින්  දෝණියන්දෑ   බලවත් ලෙස  අසනීප වී ඇති  බව  කියමින් ඇප  ඉල්ලු නමුත් විනිසිරුවරිය ඒ  ගැන සලකා  බැලීම අප්‍රියෙල්  3 වනදා තෙක් කල් දැමීම  නිසා  වීරවංශ  මහතා ඇටවූ  උගුලේ  තව  තවත්  හිරවෙන්නට පටන් ගෙන  තිබේ. ඔහු දැන් පත්ව  සිටින්නේ ගෙදර  ගියොත් අඹු නසී  මග  හිටියොත්  තෝ  නසී  යන  තැනටය.





විජේදාස රාජපක්ෂ හෙවත් ඥානසාර බොඩිගාඩ්

මට විජේදාස  රාජපක්ෂ  මහතා  මුලින් හමුවුයේ  2001 වසරේ දීය . 2000 වසරේ  බලයට  පැමිණි රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අධ්‍යාපන ශේෂ්ත්‍රයට අය...