Skip to main content

උමා දුෂණය වහන්නට ෆෙඩරල් රෙද්දෙන් පුලුවන්ද?





උමා  ඔය  ව්‍යාපෘතිය  නිසා ඇතිවූ සහ ඇතිවෙමින් තිබෙන  බිහිසුණු  ප්‍රතිඵල  නිසා කරකියාගන්නට  දෙයක් නැතිවූ  බණ්ඩාරවෙල  මිනිස්සු  පාරට බැස  දෙවුන්දර  තුඩුවටත්  පේදුරුතුඩුවටත් ඇසෙන්නට  විලාප  නැගු  නමුත්  රාජපක්ෂ  මහත්තයා එය  තඹ   පයිසෙකටවත්   ගණන් ගත්  බවක් පෙන්නේ  නැත .ඔහුට  අනුව  දැන් තිබෙන ලොකුම  ප්‍රශ්නය හදාගෙන  යන  නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවය.  නව  ආණ්ඩු  ක්‍රම  ව්‍යවථාවෙන් ෆෙඩරල් පාලනයක් ඇති  කරන්නට  යන  බව කිව්  ඔහු  පළාත්  පාලන චන්දය  තබන්නට දින  තීරණය  කරන  තුරු ව්‍යවස්ථාව  හදන්නට  ඔහු සහ  ඔහුගේ  ගෝලබාල  මනත්‍රී වරුන්ගේ සහය  නොදෙන  බව  කියා සිටියේය.


රාජපක්ෂ  මහතාට  ඕනෑම  පන්දමක් අල්ලන  අස්ගිරියේ වහන්සේලාද  රාජපක්ෂ අනුව  යමින් නව ව්‍යවස්ථාවක්  උවමනා   නැති  බවත් , සංශෝධන  ගෙන  ඒම පමණක්   ප්‍රමාණවත්  බවත් , විධායක  ජනාධිපති  ක්‍රමය දිගටම  පවත්වාගෙන  යායුතු  බවත්  ප්‍රකාශ  කළහ. විධායක  ජනධිපති  ක්‍රමය අහෝසි කරන  ලෙස  මහජනයා  සෑම මැතිවරණයකදීම එක හෙලා  කියා   ඇතත්  එය  තුට්ටුවකටවත්  මායින්  නොකොට    අස්ගිරියේ වහන්සේලාගේ තීරණය  ක්‍රියාත්මක  කළ  යුතුයැයි සිතීමට  තරම් ඔවුහු උද්ධච්ච වී තිබේ.


උමා ඔය ව්‍යාපෘතිය  මගින්  රාජපක්ෂලා  හොඳ  ගැහිල්ලක්  ගසා ඇති  බව දැන් ඕනෑවටත් වඩා  පැහැදිලිය.2005 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 155 කට ඇස්තමේන්තු  කළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක  කිරීමට  2009 දක්වා  ප්‍රමාද වීම  නිසා  ආණ්ඩුවේ  නිලධාරීන් එය ඇමරිකන් ඩොලර් මිලියන  300 කින් කළ  හැකි බවට  ගණන්  හිලවු හැදු  නමුත් රාජපක්ෂ ආණ්ඩුව  ඉරාන සමාගමට  කොන්ත්‍රාත්තුව  දුන්නේ ඇමරිකන් ඩොලර් මිලියන 548 ටය .වෙනත් වචනවලින්  කියත්තොත් වැඩි පුර  දුන් මුදල ඇමරිකානු  ඩොලර් මිලියන 248 කටය . 2009 දෙසැම්බර මාසය වන විට  ඇමරිකන් ඩොලරයක වටිනාකම  රුපියල් 113 ක් විය . ඩොලර් මිලියන 248   රු.  113  තුනෙන් වැඩි  කළ විට  ලැබෙන  උත්තරය රුපියල් මිලියන 28024 කි .රාජපක්ෂලාට  ඉහලින්  කපුටෙකුටවත්  පියාඹීමට  ඉඩ  නොලැබුණු එකල එම  රුපියල  මිලියන 28024 හෙවත් රුපියල් කෝටි 2802 කුත් තව ටිකක් සාක්කුවේ   දමාගත්තේ උන්දලා  නොවේ  නම් වෙන  කොයිකාද?


රාජපක්ෂ  මහතා මේවාට  උත්තර බැඳිය  යුතු  නමුත් නොඇහුනා සේ  සිටින  ඔහු බ්‍රහ්මදත්ත  ලෝකය දක්වා  ගඳගසන උමා  ඔය  රාජකීය  මංකොල්ලය  ගැන පිළිතුරු දීම වෙනුවට මිනිසුන්ගේ අවධානය වෙනත්  අතකට  හැරවීම සඳහා   නැති ෆෙඩරල්  කතන්දරයක්  ඉදිරියට  දමාගෙන  තිබේ. ලංකාව  දෙකඩ  කිරීම සඳහා  කරන  කවර  උත්සාහයක් වුවද  පරාජය  කළ  යුතු  බව දෙමල දේශපාලන  පක්ෂ දිව්ර  දිව්රා  කිව්වද රාජපක්ෂ සමාගම සහ ඔහු  නැතිව  වතුරත්  නොපෙවෙන කල්ලි  දිගින් දිගටම  කියන්නේ  රට  බෙදන  ව්‍යවස්ථාවක් ගෙන ඒමට  ආණ්ඩුව හැංගි හොරා  කටයුතු  කරමින් සිටින  බවය .




ක්‍රිස්තු වර්ෂ 1500 මානසිකත්වයෙන් පසුවන  විශාල  පිරිසකට  රාජපක්ෂගේ බේගල් කතන්දර පරම සත්‍යය  ලෙස පෙනේ  .රදල සංස්ථාවක් වන අස්ගිරිය හිතන්නේ  මතන්නේද ඊට  වෙනස්  අන්දමින් නොවේ.කනගාටුවට  කරුණ නම්  එවැනි රදල නෂ්ඨාව ශේෂ පොලිෂ්  කරන්නට සමාජවාදී  කියන  අය්යලාද පුදපුජා  රැගෙන  ඔවුන් දණ්ඩ  නමස්කාර කිරීමට  යාමය .


වෙනත්  රටක  නම් මේ වන විට රාජපක්ෂලා  හිර කුඩුවේ දමා  හමාරය . එහෙත් මේ රටේ ඒවා  සිදුවන්නේ  නැත .උමා  ඔයේ  ගසා කෑම  ගැන  පරීක්ෂණයක් කරන  බව  සිරිසේන ජනාධිපතිවරයා  කිව්   නමුත් වැරදි  කරුවන් ට දඬුවම්  කෙරෙනු ඇතැයි සිතීමට  මේ ආණ්ඩුවේ  කැරැට්ටුව  අපිට   අවසර දෙන්නේ නැත . ඇතැම් හොරකම් ගැන  නඩු  පවරා  තිබෙන  බව සත්‍යකි . එහෙත් ඒවා  තවත් වසර  ගනනාවක්  දිගින්  දිගට ඇදී  යනු ස්ථිරය . ඉදිරි මැතිවරණයකදී  රාජපක්ෂලා  හෝ රාජපක්ෂ + මෛත්‍රී ආණ්ඩුවක් පිහිටවනු  ලැබුව  හොත් එම  නඩු  එතැනින්ම අවසන් වනු ඇත.   ගසා  කෑ  රාජපක්ෂලා පෙරටත් වඩා  හොඳින්  වැජඹෙනු ඇත. මේ ආණ්ඩුව  යටතේ   ගසා  කෑ එවුන්ද  ඔවුන්ට  එකතු වන  බවට  කිසිදු සැකයක් නැත  . එබැවින්  බණ්ඩාරවෙල  මිනිසුන්ට  මෙන්ම  අපටද සිදුවන්නේ  උමා  ඔයට  පැන දිවි  නසාගන්නටය .




Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා