Skip to main content

පොහොට්ටුවෙන් චන්දෙ ඉල්ලන නාමල්ගේ මිතුරිය



     

      

          ඇය  නාමල් රාජපක්ෂ මහතාගේ මිතුරියක් වුවද  , කොළඹට චන්දය  ඉල්ලුවද ඇය  ගැන ලිපියක්  ලියන්නට   මේ මොහොත වෙන තුරු  මා සිතා  සිටියේ  නැත. ඊයේ මුහුණු පොතේ  පෝස්ටුවක් පළකලේ එය ප්‍රමාණවත් වෙතැයි සිතු   නිසාය . එහෙත් එහි පලකල පෝස්ටුවට  පළවූ ඇතැම් ප්‍රතිචාර සලකා බැලු විට ඇය  ගැන වැඩි දුර  යමක් ලිවීම අවශ්‍ය  බව  පෙනුණි. එය කොළඹ  චන්ද දායකයනට ඇය ගැන තීරණයක්  ගැනීමට දායක වනු ඇත .


 මේ  ආණ්ඩුව  බලයට  පැමිණි පසු  පත් කරනු ලැබූ  වරාය  , නාවික සහ සිවිල් ගුවන් සේවා ඇමති අර්ජුන රණතුංග වරයා  විසින් ශ්‍රී  ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීම සඳහා වැලිඅමුණ  කමිටුව  පත් කළ අතර එහිදී හෙළිවූ කරුණු  ඉතා  බරපතලය එම වාර්තාව අන්තර්  ජාලයේ තිබෙන අතර අවශ්‍ය අයෙකුට  කියවිය  හැක .  එබැවින්  මා  මේ ලිපියෙන් බලාපොරොත්තු වෙන්නේ  කොළඹ නගර සභාවට  පොදු ජන පෙරමුණේ පොහොට්ටුවෙන් තරඟ  කරන  මෙම අපේක්ෂිකාව  ගැන පමණක් ලිවීමටය 



ඇගේ  නම නිත්‍යා සේනානි සමරනායකය . ඇය කලක් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ  ගුවන් සේවිකාවක් ලෙස  සේවය  කළාය. ඇගෙන් අමතර වැඩ   ගැනීමට  සිතු   නාමල් රාජපක්ෂ  මහතා , ජනධිපති ලේකම් කාර්යාලයට අනුයුක්ත  කර ගැනීමට අවශ්‍ය  පියවර  ගත්තේය  . ඒ අනුව   ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා  ,  ජනධිපතිවරයාගේ  පුද්ගලික  ලේකම්ගේ  කාර්යාලයේ  විශේෂ ව්‍යාපෘති සම්බන්ධිකාරක ලෙස  2010 ජුනි 23 දින ඇයට පත්වීමක්  ලබාදුන්නේය . නියම කළ  මාසික වැටුප රු.35000.00 කි . ඊට අමතරව  ඉන්ධන දීමනාව  ලෙස රු. 22680.00 ක්ද ප්‍රවාහන දීමනාව  ලෙස රු. 30000.00ක්ද ඇයට මසකට ගෙවනු ලැබිණ .  අලුත් රැකියාවෙන් සමරනායක  මෙනෙවිය මසකට  ලැබූ  මුළු මුදල රු.87680.00 කි.


 ශ්‍රී ලන්කන් ගුවන් සේවය  ගැන සෙවීමට  පත් කරනු ලැබූ වැලිඅමුණ කමිටුව මේ සම්බන්ධයෙන් සේනානි සමරනායකගෙන් ප්‍රශ්න කරනු ලැබිණ . අසන ලද ඇතැම් ප්‍රශ්න වලට දුන්  පිළිතුරු මෙසේය .


ඇය  අරලියගහ  මන්දිරයේ සිට  කළ ව්‍යාපෘති මොනවාදැයි  ඇය නොදනී.


ඇයව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ සිට  අරලියගහ මන්දිරයට  නිදහස්  කෙරුනේ  නාමල්  රාජපක්ෂ මහතාගේ  උවමනාවටය


අරලියගහ මන්දිරයේ හෝ  ජනාධිපති ලේකම් කාර්යාලයේ ඇය  සමග සේවය  කළ අනෙත් අයගේ නම් ඇයට මතක් කර  ගත  නොහැක . මතක තිබෙන්නේ දීපා  ලියනගේ  මිය  පමණි.


ඇය සේවය කරේ  ජනාධිපති ලේකම් කාර්යාලයේ නොවේ. අරලියගහ  මන්දිරයේය .එහෙත් ඇය සේවය  කළ කාර්යාලය    තිබුනේ අරලියගහ මන්දිරයේ හරියටම  කොතනදැයි කීමට  ඇයට නොහැකි විය . ඇය  කිවේ අරලියගහ  මන්දිරයේ කිසියම් තැනක එය තිබුණු බවය  .


 කාර්යාලයට පැමිණීම  සහ පිටවීම තහවුරු  කිරීම සඳහා  අත්සන් කිරීමට පොතක් තිබුනේ  නැත .


ඇයට ඉන්ධන දීමනාවක් සහ  ප්‍රවාහන  දීමනාවක්  සැපයු නමුත්  නාමල් විසින් ප්‍රවාහනය සැපයු බැවින් එම  මුදල් ඇය වැය  කලේ ඇගේ පුද්ගලික  උවමනාඑපා කම් සඳහාය.


ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් ඇය  නිදහස්  කරනු ලැබුවද  ශ්‍රී ලංකන් ගුවන් සේවය විසින් නොකඩවා ඇයට සම්පුර්ණ වැටුප සහ පලදායිතා දීමනාවෙන් 50% ක් ද   ගෙවනු ලැබිණ . ඒ අනුව  ඇය මසකට ගුවන් සේවයෙන් ලැබූ මාසික වැටුප දල වශයෙන්  රු.70500.00 විය . දෙපැත්තෙන්ම ඇය ලැබූ මාසික ආදායම 158000.00 ක් විය.



අරලිය ගහ මන්දිරයේ ඇය පුර්ණ  කාලීනව  සේවය  කර  අතර තුර  2014 මාර්තු 27 දින ගුවන් සේවිකා තනතුරේ  උසස් වීමක්ද ඇයට  ලබා දී  තිබේ.



 2015 ජනවාරි 9 දින  මහින්ද රාජපක්ෂට  තනතුර  අහිමි වන තුරුම අරලියගහ මන්දිරයේ  ඇය සේවය  කර තිබේ. ඊට දින  තුනකට  පසු ඇය  යලිත් පරණ රැකියාවට  ගියාය. 


වැලි අමුණ වාර්තාව  කියු සිටින්නේ    ජනධිපති ලේකම් කාර්යාලයේ සේවයට  නොව   නාමල් රාජපක්ෂගේ  වැඩට  ඇය  යොදවා  ගෙන තිබෙන  බැවින් ඇයට වැටුප් ගෙවීම වැරදි  බවය. එබැවින් එමගින්  රජයට  සිදු කර තිබෙන  පාඩුව  රු 4,284,460 .00  කි. . 


ඇය  අරලිය ගහ මන්දිරයේ  සේවය  කරන  කාලය  තුලදී  ශ්‍රී ලංකන්  ගුවන් සේවය  ඇයට වැටුප් සහ දීමනා  ලෙස  ගෙවා  තිබෙන  මුළු මුදල රු.4,133, 622 .00 කි. එය  රජයට අයත් සමාගම් වලට අදාළ චක්‍ර ලේඛ අංක 33  උල්ලංඝනය කිරීමක් ලෙස වැලිඅමුණ වාර්තාව සඳහන්  කර තිබේ. එබැවින් මෙය සාපරාධි  ක්‍රියාවක් බව  සඳහන්  කරන කමිටුව මේ සම්බන්ධයෙන්  පරීක්ෂණයක්  පැවැත්වීය  යුතු යැයි කියා තිබේ.


සේනානායක මෙනෙවියගේ  කතාන්දරය  එතනින් අවසන් වන්නේ  නැත . වැලි අමුණ වාර්තාවෙන්  අවුරුද්දකට  පසු ඇය අත් අඩංගුවට  ගනු ලැබුවාය. ඒ පෙර සඳහන්  හේතු  උඩ  නොවේ. නාමල් රාජපක්ෂ මහතාට අයත් සමාගම් දෙක වූ N.R. consultation Pvt Ltd   සහ  Gowers Corporation Pvt Ltd හී  අධ්‍යක්ෂිකාවක ලෙස  කටයුතු කරමින් රු මිලියන 45 ක කළු සල්ලි සුදු සල්ලි කිරීමට ඇය සම්බන්ධ වූ බවට චෝදනා  කරමිනි .




Related image


එහෙත් ඒ  පිළිබඳව  කෙරුණු පරීක්ෂණයක් ගැන දැනගන්නට නැත  . එසේ  පරීක්ෂණයක්  පැවැත්වීමට හිටපු අධිකරණ අමාත්‍යවරයා වන  විජේදාස රාජපක්ෂ උනන්දු නොවීද? එසේත් නොවීනම්  නීතිපති දෙපාර්තමේන්තුව එය  යට ගැසුවාද?


ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දුෂණ සෙවීමට  ජනාධිපතිවරයා 2018 වසරේ  පළමු සතියේදී  කොමිසමක්  පත් කරන  බව දින  කීපයට  පෙර සඳහන්  කළ අතර  දඬුවම්  කෙසේ වෙතත්  හොඳ හොඳ සෙල්ලම් නම්  හෙලිවෙනු නොඅනුමානය .


පොහොට්ටුවෙන් කොළඹ  නගර සභාවට  ඉදිරිපත් වී සිටින සුජානි සමරනායක  මෙනෙවිය ඇගේ මුහුණු පොතේ  මෙසේ  ලියා තිබේ 


" රටට ලෝකයට ගැලපෙන නගරයක් ලෙස කොළබ නගරය ලෝකයේ ඉදිරියෙන් තැබීමට කොළඹ නගරය සංවර්ධනය කළ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායමට කොළඹ නගරය බාර දීමටත් ඔවුන් හරහා අභිමානවත් නගරයක් නිර්මාණය කර ගැනීම සදහා කැප වීමටත් අප සුදානම් බව මතක් කර සිටින්නෙමි..

ලස්සන කොළඹක්‌ තනන්නට ඔබත් අප සමග එක් වන්න."

සේනානි සමරනායක
කොළඹ මහා නගර සභා අපේක්ෂිකා
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ..




ඇයට චන්දයදී  කොළඹ නගර සභාවට පත් කර ගන්නවාද  නැද්ද  යන්න එහි චන්ද දායකයන්ට  භාරය 




Comments

තවත් එක් නාම්ල්ගෙ අදුරු රාත්‍රි යක්

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා