Skip to main content

Posts

Showing posts from 2018

ප්‍රින්ස් ගුණසේකර මහතා සහ රෝහණ විජේවීර

            හබරාදුව මැතිවරණ කොට්ටාශය නියෝජනය කළ ප්‍රින්ස් ගුණසේකර මහතා , මහත්මයෙක් විය. 1977 ට පෙර පාර්ලිමේන්තුවට තේරී පත්වූ වැඩිම දෙනෙක් තමන්ට නොව මිනිසුන්ට සේවය කිරීමට පැමිණි අය වුහ ඔවුන්ට රේගු බද්දෙන් නිදහස් කරන ලද වාහන තබා බදු අයකළ වාහනයක්වත් ආණ්ඩුව දුන්නේ නැත. ආණ්ඩුවේ වාහන දුන්නේ ඇමතිවරුන්ට පමණය .ඇමතිවරුන්ගේ සංඛ්‍යාවද 20 -25 ක් විය .එකල මන්ත්‍රීවරුන්ට බස්වල සහ කෝච්චියේ නොමිලේ යාමට අවසර පත්‍ර ලබා දී තිබුනේ ඒ නිසාය  . 1971 කැරැල්ල පරාජය වූ පසු යටත් වූ ජවිපෙ ක්‍රියාකරුවන් රඳවා තබා ගැනීමට හිරගෙවල් ප්‍රමාණවත් නොවුයෙන් විශ්ව විද්‍යාල රැඳවුම් මධ්‍යස්ථාන බවට පත් කරනු ලැබිණ . මේ සිරකරුවන්ගේ සුබසාධනය ගැන ප්‍රින්ස් ගුණසේකර මහතා උනන්දු විය N GO භීතිකාවක් පසුගිය කාලයේ ජවිපෙට තිබුණද 71 ජවිපෙ සිරකරුවන් පිළිබඳව සොයා බැලුවේ NGO එකක් වන ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයයි (Amnesty International ) එහි නියෝජිතයෙකු වූ ඇවබරි සාමි වරයා මෙරටට පැමිණි විට ඔහුට පහසුකම් සැපයුවේ ප්‍රින්ස් ගුණසේකර මහතාය .ඇවබරි සාමිවරයා පිළිගැනීමට ප්‍රින්ස් ගුණසේකර මහතා ගුවන්තොටුපොළට ගිය අතර ඔහුගේ ගමන් මල්ල ප්‍රින්ස්

බුදු පිළිම කැඩීම පස්සේ ඉන්නේ කවුද?

     මාවනැල්ල ප්‍රදේශයේ  බුදුපිළිම  කීපයකට  හානි කිරීම  දැන් ප්‍රසිද්ධ  කාරණාවකි .අල්ලා ගෙන තිබෙන්නේ  මුස්ලිම් තරුණයන්  කීප දෙනෙකි ,ඔවුන් පිටුපස  සිටින්නේ කවුද? මෙය දේශපාලන බල ව්‍යාපෘතියක  කොටසක් බවට සැක සිතීම සාධාරණය . මන්ද රාජ්‍ය බලය ලබා  ගැනීම සදහා  බුදුපිළිම  කඩන්නට  පමණක් නොව බුදුහාමුදුරුවන් ජීවතුන් අතර සිටින්නේ  නම් මරා දමන්නට  වුවද ඇතැම්  දේශපාලකයන්  සුදානම්ය . රනිල් දොට්ට දමා බලහත්කාරයෙන්  මහින්දට  බලය ලබා දීමෙන් පසු එය  රැක ගන්නට  ඔවුහු නොකරපු දෙයක් නැති තරම්ය. .විශ්වාස භංග යෝජනාව සම්මත  කිරීම වැලක්වීමට මහින්දගේ චක් ගෝලයන් සහ සිරිසේන නොකිව් බොරුවක් නැත. නොකළ බලු කමක් නැත අන්තිමට  මහින්දගේ හොරු රංචුව කතානායකට  පුටුවලින් පොත්වලින් සහ අතට අසුවූ සැම  දේකින්ම පහර දුන්නේය. මිරිස් කුඩු ගැසුවේය . ඔහුට වෙඩි තබා මරණ බවට දුරකථන ඇමතුම්ද දුන්නේය . උසාවි තීන්දුව නොවන්නට අදත් ඔවුන් බලහත්කාරයෙන් බලයේ සිටින බවට  කිසිදු සැකයක් නැත . අතීතයට  ගොස් බැලුවහොත්  බලය රැක ගැනීමට ජේ ආර් ජයවර්ධන නොකරපු දෙයක් තිබේද? .  ප්‍රභාකරන් සහ විජේවීර  බලය  ලබා  ගැනීමට නොකරපු දෙයක් තිබේද? එ

ජනාධිපතිවරණයෙන් සිරිසේන දිනයිද ? පරදියිද ?

      සිරිසේන  මහතා මහින්ද  යටතේ ඇමති වරයෙකු ලෙස සිටියදී , එනම් මීට අවුරුදු  පහකට හයකට   පමණ  පෙර දවසක  පොළොන්නරුවේ රැස්වීමක් අමතමින් කිවේ දේශපාලනයෙන් සමු ගැනීමට තමන්ට  කාළය  පැමිණ ඇති  බැවින් දෙවෙනි  පෙළ නායකත්වයක් ගොඩනැගීමට අපේක්ෂා  කරන  බවය .   යලිත් ජනාධිපතිවරණයකට  ඉදිරිපත් විමට  තමා  අපේක්ෂා  නොකරන  බව ජනාධිපති වී  ටික දවසකින් සිරිසේන  මහතා  කියා සිටියේය . ඊට අවුරුදු දෙකකට  විතර  පසු දවසක මහා උසාවියට පණිවිඩයක් යැවූ සිරිසේන මහතා තමා බලයට  පත් වුයේ 19 සංශෝධනය ගේන්නට පෙර බැවින් පරණ  ජනාධිපතිවරුන් මෙන් අවුරුදු හයක් බලයේ සිටිය හැකිදැයි විමසා සිටියේය. ඔහුගේ  හදවත  කම්පා  කරමින් මහා උසාවිය කියා සිටියේ 'උඹට බලයේ සිටිය හැක්කේ අවුරුදු   පහක් පමණ යැ'යි සිරිසේන මහතා වෙත  දැන්නුවේය  . මේ අවුරුද්දේ අගෝස්තු හෝ සැප්තැම්බර් මාසයේ දිනක සිරිකොතට පණිවිඩයක් යැවූ ජනාධිපතිවරයා මි ලගට පැවැත්වෙන  ජනාධිපතිවරණයේදී  තමා තරග  කිරීමට බලාපොරොත්තු වෙන බැවින් තමන්ට සහය දෙන්නේ දැයි අසා සිටියේය. "කීයටවත් සහය දිය නොහැකි  යැ"යි කියමින්  හැරෙන තැපෑලෙන් සිරිකොත. සිරිසේන මහ

යාපනයට යන්න වීසා ඕනෑ වෙයිද ?

                                                    පොහොට්ටු නායක කාරකාදීන්ට  අනුව රනිල් දැන් සූදානම් වන්නේ TNA සමග එකතුව ලංකාව කෑලි 9 කට කැඩීමටය. ඔවුන්ට අනුව එසේ කරන්නට යන්නේ  හොරෙන් නොව මහා දවාලේ  රැස්වීම් සියයකට ආසන්න  ගණනකදී  එළිපිට  සාකච්චා  කොට  සකස් කර ඇති යෝජනාවලිය  මගිනි  .                                              මෙම කතන්දරය අපට සිහිකරන්නේ 1987-89 සමයයි. 1987 ඉංදු ලංකා ගිවිසුම මගින් පළාත්  සභා පිහිටවූ විට රෝහණ විජේවිරගේ ජවිපෙ  කියා සිටියේ එයින් රට කෑලි  9 කට කැඩෙන බවය. එසේ කිව් ජවිපෙ  පළාත්  සභා චංදයට ඉදිරිපත් වූ ඇතමෙකු මරා දැමූහ.එපමනක් නොව චංද මධ්‍යස්ථාන  කීපයකටද බෝම්බ ගැසූහ.චන්දය දුන්කීප දෙනෙකුද මරා දැමූහ. කොට්න්ම  87 කැරැල්ල ගැසුවේ පලාත් සභා මගින් රට කැඩෙනබව කියමින් මිනිස්සු අවුස්සමින්ද ,බිය ගන්වමින්ද රාජ්‍ය බලය ගැනීමටය.                                   එහෙත්  කැරැල්ල පැරදී ටික කළකට පසු ජවිපෙ  පළාත් සභා මැතිවරණ වලට තරග මංත්‍රි ධුර ද වැටුප්ද ලබා ගත්හ. රට බෙදීමේ කතාව පටන් ගත්තේ 87 නොවේ. බංඩාරනායක මහතා 1957 චෙල්වනායගම් සමග උතුරුට සහ නැගෙනහිර  බලය බෙදීම සදහා

ගොටාභයගේ සිරිසේන

තත්වය පැහැදිලිය.යුද්ධයක් ඇරඹීමට ජනාධිපති  සූදානම්ය. තමන්ට පලිගැණීමට උවමනාවක්  නැති බව රනිල්  ඊයේ උදේ  කි විට තමන්  අත තවත් තුරුම්පු ඇතැයිද, අඩියක්වත් පස්සට තැබීමට තමන් සූදානම් නැතැයිද ජනාධිපති ඊයේ (නොවැ.8) හැන්දෑවේ  ප්‍රකාශ  කොට තිබුනි. මේ 14 වනදා පාර්ලිමේන්තුවේදි   ඔඩුදුවමින් තිබෙන අර්බූදය විසදා ගැනීමට ජනාධිපති පාර්ශවය  කිසිසේත් උනන්දුවක් නැති බව පැහැදිලිය .එය ඉතා අවාසනාවන්ත  ප්‍රතිඵල  ඇති කරනු ඇත. සිරිසේන+මහින්ද  පාර්ශවය  හැර රට තුල ක්‍රියාකාරි දේශපාලන  පක්ශ මෙන්ම සිවිල් සංවිධාන ද අන්තර් ජාතික ප්‍රජාවද ජනාධිපති වරයාගේ ව්‍යවස්ථා  විරෝධි ක්‍රියා පිලිවෙත පිලිගෙන නැත.  දේශීය බලවේග ජනාධිපති  බලය යොදා කෙටි කලකට මර්දනය  කළ හැකි වුවත් අන්තර්  ජාතික ප්‍රජාව එසේ පාලනය කළ හැක්කක් නොවේ.  14 වනදා මේ ගැටුම විසදා නොගත හොත්  ජාත්‍යන්තරය අපට එරෙහිව තදබල ක්‍රියාමාර්ග වලට එලඹීමට ඉඩ තිබේ. ලබන වසර අගදී පැවත්වීමට නියමිත ජනාධිපති වරණයේදී යලිත් වරක් ජනාධිපති  වීමට සිරිසේන  මහතාට තිබෙන අසීමිත ආශාව ඉටුකර ගැනීමට එජාපය  සහය නොදීමට තීරණය කිරීම සමගම සියල්ල කනපිට හරවන්නට ජනාධිපති    තීරනය කිර

සිරිසේන අඩි හයේ වල කපාගනී

       ඇතිවී තිබෙන්නෙ බරපතල දේශපාලන  අර්බූදයකි එය ආර්ථික අර්බූදයක් දෙසට ගමන් කරමින් තිබේ.සෑම පැයකම දේශපාලන  අර්බූදය උග්‍ර අතට හැරෙමින් තිබේ.එය ලේ ගැලීම දක්වා පැතිරෙමින් යයි. තව මිනිස් ජීවිත ගණනාවක් බිලිගනු ඇත. මේ අර්බූදය ඇරඹුනේ රාත්‍රි කාලයේ රහසිගතව අගමැති ලෙස මහින්ද  රාජපක්ශ  මහතා පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කිරීම නිසාය. එහෙත් මේ මොහොත වන විට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතාට බහුතර මංත්‍රිවරු  පිරිසක් සහයෝගය ප්‍රකාශ  කර තිබේ ඔවුන් විසින් අත්සන් කරන ලද ලියවිල්ලක් කථානායකවරයා ට භාරදීමට යනබව වාර්තාවී තිබේ.  ඔහුට සහය දෙන මංත්‍රි සංඛ්‍යාව  125 ඉක්මවා තිබෙනබව පෙනේ.  එක්සත් ජාතික පක්ශයේ  මංත්‍රිවරු  පිරිසක් ජනාධිපති ට සහය දීමට ඉදිරිපත් වනු ඇතැයි අපේක්ශා කර තිබූ නමුත් එම බලාපොරොත්තු කඩවෙමින් තිබේ. ආනන්ද අලුත්ගමගේ  මංත්‍රිවරයා හැර අන් සියලුම එජාප පෙරමුනේ මංත්‍රිවරු  රනිල් වටා රැස්වී ඔහු ආරක්ශා කිරිමට ඉදිරියට පැමින සිටී. දැන් සිදුවෙමින් තිබෙන්නේ ජනාධිපති වරයා කිසිසේත්ම අපේක්ශා  නොකල  පෙරලියකි.ඔහුගේ පක්ශයේ  ප්‍රධාන  සංවිධායක  වන දුමින්ද දිසානායකද ඇමතිවරයා ද අරලියගහ මංදිරයට

අමතක නොවෙන චිත්‍රපටියක් Lion

                 මා  ඉතා ආශාවෙන් නැරඹූ චිත්‍රපටියක්  වන Lion  නරඹන ලෙස ඔබට කියන්නේ එය ඔබට බොහෝ කාලයක් යනතුරු අමතක නොවන බව මා දන්නා නිසයි. මා එය නැරඹූවේ වසරකට පෙර උවත් එය නැරඹීමෙන් මා ලැබූ ආශ්වාද ජනක මිහිර  තවමත්  මා සිත තුල සැරිසරමින් තිබෙනවා . මේ චිත්‍රපටය  සත්‍ය කතාවක් මත ඕස්ට්‍රේලියානු සිනමා කරුවෙකු නිපදවනු ලැබුවේ 2016 වසරේ අග භාගයේදි. ඩොලර් ලක්ශ මිලියන් 16 ක් වැය කොට නිපදවනු  ලැබු Lion  නැමති මේ චිත්‍රපටය   ඩොලර් මිලියන 140 ඉක්මවා ආදායම්  ඉපයා තිබෙනවා.එමෙන්ම ඔස්කාර් සම්මාන හයක් ද ලබා තිබෙනවා. Garth Devis විසින් අධ්‍යක්ෂනය කළ මේ චිත්‍රපටයේ දේව් පටෙල්,  සහ නිකොල් කිඩ්මන්  රගපානවා. මෙම චිත්‍රපටය නිපදවා ඇත්තේ ඇත්තටම සිදුවූ ලොකු කතාවක් පදනම් කරගෙනයි. ඇත්ත සිදුවිම මෙසේයි ඉන්දියාවේ  කන්ද්වා දිස්ත්‍රික්කයේ  ඈත ගමක ජීවත්වූ ශෙරූ (සිංහයා) අවුරුදු 5 දරුවෙක්.ඔහුට සහෝදරයන් දෙදෙනෙකු සහ සහෝදරියක් සිටිනවා. පියා ඔවුන් අතහැර ගොස් බැවින් මව ඉතා දුකසේ දරුවන් උස්මහත් කර ගැනිමට වෙහෙසෙනවා. දුගී කම නිසා ළමුන් පාසල් යැවීමටද  ඇයට හැකිවෙන්නෙ නැහැ. දිනක් ශෙරූගේ වැඩිමහල්  සොයුරෙක් වූ ගුඩ්ඩ

ජූලියේ මළවුන් සමග රාත්‍රියක්

            පෙරේදා (ජුලි 29  ) හැන්දෑවේ මා සිටියේ පස්වනක් ප්‍රීතියෙනි . හේතුව හාමිනේ මා සමග  ගෝරියක් ඇදගෙන දික්කසාද  නඩුවක් දමන බව  කියමින් 13 වෙනි වතාවට   ඇගේ  මහගෙදර  ගිය නිසාය. මා දික්කසාද  කරන  බව කියමින්  දොළොස් වතාවක්  පිටවී ගොස් ඇතත් පසුවදා නැද්දම්මාත් සමග ආපසු  පැමිණේ . "මේ අම්මගේ වදේට මන් ආව  මිසක්  නැත්තම් මන් ආයි එන්න නෙවෙයි ගියේ "  යන්න  ඇය ආපසු පැමිණි  හැම දිනකම  කියන්නීය . එහෙත් ඇත්ත  කතාව එය නොවේ. වටපිට ගෙවල්වල ගෑනුන්ට ගබඩා  කාමරයේ තිබෙන පොල්  ගෙඩියක් හෝ පින් තකා  දෙනු ඇතැයි  යන බිය නිසාය .මා එය සහසුද්දෙන් දන්නේ ඇය ආපසු පැමිණි විගසම ගබඩා  කාමරයට ගොස්  පොල් ගණන් කරන නිසාය .  පුතුන් දෙදෙනාද  කොළඹට වී රස්සාවල්  කරන නිසා හාමිනේ  ගිය දිනට  ගෙදර සිටින්නේ  මා  පමණය. කෑම උයන්නට  කාලය  නාස්ති  කිරීම තේරුමක්  නැති බැවින්  හැන්දෑ සමයේ නගරයට ගොස්  කෑම පාර්සල් තුනක්  සහ නැටුම් වතුර  බෝතලයක්  මිලදී  ගතිමි .කෑම  පාර්සල් තුනක්   ගත්තේ මන්දැයි ඔබ කුතුහලයට  පත්ව සිටින බව  මා දනිමි .මගේ පාඨකයන් මා  ගැන වරදවා වටහා  ගන්නවාට  මා  කැමති නැත .කෑම  පාර්සල් තුනක් ගත්තේ  බඩ

අඩු වයසෙන් වැඩි වියට පැමිණි ක්‍රොයේෂියානු කෙල්ල

 පාපන්දු ක්‍රීඩාව  ගැන උනන්දුවක් දක්වන ලාංකිකයන්  බහුතරයක්  ලෝක  පාපන්දු තරඟාවලියෙන් ක්‍රොයේෂියාවේ ජයග්‍රහණය ප්‍රාර්ථනා  කළේ  මන්දැයි  හිතාගැනීමට අමාරුය එහි  ජනාධිපතිවරිය වන  කොලින්ඩා ග්‍රබාර් කිටාරොවික් මන බඳින ලලනාවක් නිසාද?  කොලින්ඩාට සමාන රුවක් හිමි වෙනත්  කාන්තාවක් බිකිණියකින් සැරසී සිටින චායරුප ඇතැමෙකු  බුකියේ  පළකර ඇය ක්‍රොයේෂියානු ජනාධිපතිවරිය  ලෙස විස්තර  කර තිබීම නිසාද  ? කොලින්ඩා ක්‍රොයේෂියාවේ  ජනාධිපති වරිය  ලෙස පත් වුයේ 2015 පෙබරවාරියේදී ය  2020 පෙබරවාරිය දක්වා ඇය  ජනාධිපති  තනතුරේ සිටිනු ඇත . කෙසේ වෙතත් ක්‍රොයේෂියා වේ  බලවත්ම  පුද්ගලයා ඇය නොවේ. එහි අගමැතිවරයාය  ..එයට හේතුව වන්නේ 1999 දී එරට ව්‍යවස්ථාව සංශෝධනය  කොට වැඩි බලතල  පාර්ලිමේන්තුවට පැවරීම  නිසාය  .කෙසේ වෙතත් එරට  ජනාධිපතිට දෙවරක් එම ධුරයට  මහජන චන්දයෙන් පත්විය  හැක .  වෙනත් රටවල  ජනාධිපති වරුන්ගේ වැටුප් සමග සංසන්දනය  කළහොත් ඇය  ලබන  මාසික වැටුප අඩුය එනම් ඇමරිකානු  ඩොලර් 5 452කි . සංසන්දනාත්මකව වැටුප් අඩු වුවද එම රට දුප්පත් නැත . ක්‍රොයේෂියාව දියුණු රටක්  බවට පත් වුයේ  ඉතා  කෙටි කලකිනි .  .