Skip to main content

Posts

Showing posts from January, 2018

මෛත්‍රී අඳින්න යන්නේ මොකාටද ?

     මෛත්‍රීට දැන්  දෙපැත්තකින්  බැට  කෑමට සිදුවී තිබේ. එක අතකින්  එක්සත් ජාතික  පක්ෂයේ අඳබාලයෝ  පහර  ගසති. අනිත් පැත්තෙන්  රාජපක්ෂලා  පහර  ගසති . එක්සත් ජාතික  පක්ෂයේ අය ඔහුට  පහර ගසන්නේ  බැඳුම්කර  හොරකම  පිලිබඳ වාර්තාව යට නොගැසීමත්  එයට වග  කිව  යුතු අයට  නඩු පැවරීම සඳහා නීතිපති වෙත එම වාර්තාව   යැවීමත්  නිසාය . රාජපක්ෂ  කඳවුරේ අය ඔහුට  පහර  ගසන්නේ  ඔවුන්ගේ ඇතැමෙකුට  මේ වන විට  නඩු  පවරා තිබීම නිසාත් ඉදිරියේදී  තව තවත් නඩු හබවලට මුහුණ දෙන්නට සිදුවීමට  ඉඩ  තිබෙන නිසාත්ය. ඊට අමතරව  ඉකුත් ආණ්ඩු සමයේ සිදුකල වංචාවන් පිලිබඳ  කොමිෂන් සභා වාර්තා එලියට  දැමීමට  යාම නිසාත් ශ්‍රීලන්කන් සහ මිහින් ගුවන්  සේවය  පිලිබඳ  කොමිසමක් පත් කරන්නට  යන  නිසාත්  බව  මගේ  විශ්වාසයයි . ජනධිපතිවරයා  මුල සිටම දැඩි  ස්ථාවරයක සිට  කටයුතු  කලේ නම් කවුරු ප්‍රහාර එල්ල  කළත් ශක්තිමත් ලෙස ඒවාට මුහුණ දීමට  ඉඩ තිබුණි. එහෙත්  වැනෙන සුළු  ප්‍රතිපත්තියක සිට  මුල සිටම ඔහු කටයුතු කිරීම නිසා ඔහුට තිබු මහජන  සහය  යම් ප්‍රමාණයකින් අඩු වී තිබේ. කෙසේ වෙතත්  19 වෙනි ව්‍යවස්ථාව සම්මත  කර  ගැනීම සඳහා  ඔහු දැ