අම්පාරේ හෙවත් අං පාරේ වඳ පෙති ගැන මා ලියන්නට යන්නේ නැත. ඒ ගැන බුකි සාමාජිකයෝ කිලෝමීටර් ගණනක් දිගට ලියා තිබේ .එය මුස්ලිම් විරෝධී අං ඇත්තන් විසින් දියත් කරන ලද අවලම් ලෙල්ලමක් බව බුකි සාමාජිකයන් 99%ක් ලියා තිබීම ඇඬේන තරමට සතුටකි. සදා කාලික ලෙස වඳ කිරීම සඳහා තවමත් වඳ බෙහෙතක් නිපදවා නැති බව වෛද්‍ය වරු කීප දෙනෙකුද රුපවාහිනියේ කියනු අසන්නට ලැබුණි. ඇත්තෙම්ම මේ ගැන කට ඇරිය යුතුව තිබුනේ GMOA ලොකු මහත්තුරුය . ඒ අය නිහඬව සිටින්නේ මිනිසුන් මරා ගන්නා තරමට පොහොට්ටුවට වාසි වෙනු ඇතැයි සිතන නිසා බවට සැකයක් නැත .ඊට සනාථ කිරීමට හේතු තිබේ. GMOA ලොකු මහත්තයා වන පාදෙණිය සවුඛ්ය අමාත්‍යංශයේ නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් සුනිල් අල්විස් මහතාට මේ පෙබරවාරි 12 දින තර්ජනය කරමින් " තමා පොහොට්ටු ආණ්ඩුවේ සවුඛ්ය ඇමති වූ පසු බලාගමු " යයි කීමෙන් තහවුරු වන්නේ කුමක්ද? GMOA වනාහි පොහොට්ටුවේ බළල් අතක් බව මිස වෙන කුමක්ද? සිංහල බවුද්ධයන්ට විශේෂයෙන්ම කාන්තාවන්ට වඳ පෙති දෙන්නේ වෙන කිසිවෙකු නොව පන්සල විසිනි. මෙය මා විසින් කරන
පක්ෂයක් නැත . දේශපාලනයක් ඇත