Skip to main content

අහසේ ගිය ආණ්ඩුව බිමට කඩ වැටීම



Image result for maithri disappointed




        මැතිවරණ  ප්‍රතිඵලය සියල්ලන්ම විශ්මයට  පත් කර තිබේ. ආණ්ඩු විරෝධය මෙපමණ පැහවා උඩුදුවා   ඇතැයි කිසිවෙකු සිතුවේ නැත . රාජපක්ෂලවත් මෙවැනි ප්‍රතිඵලයක් අපේක්ෂා  නොකලාට සැකයක් නැත.. 


         රවී කරුණානායක  තබා  ගත හොත් එක්සත් ජාතික පක්ෂයේ චන්ද   අඩු වෙන බවත්  ඔහු එජාපයෙන් නෙරපා  හැරියහොත් එය වලක්වා  ගත හැකි බවත්  මැතිවරණයට සති දෙකකට පෙර මුහුණු පොතේ  පොස්ටුවක් පළකරමින්  කීවෙමි .එමෙන්ම මැතිවරණයේදී  මහින්ද දුර්වල කිරීමට  නම් මෛත්‍රිගේ ශ්‍රීලනිපය ශක්තිමත්  කළ යුතු බවද කීවෙමි . එහෙත් රවී  ඉවත් කිරීමට   රනිල්ට    හය්යක්  තිබුනේ  නැත. ඒ වෙනුවට  ඔහු දිගින් දිගටම කිවේ  බැඳුම්කර  හොරකමට  එක්සත් ජාතික සම්බන්ධ  බව කොමිසම කියා  නැති බව   කියමින් මහජනයා රැවටීමට උත්සහ කිරීමය .



Image result for maithri disappointed


පොහොට්ටුව  පනගසා ඒමේ වගකීම රනිල් ඇතුළු ඉහල  නායකත්වය  භාරගත  යුතුය .මා  එසේ  කියන්නේ හේතු ඇතිවය .


අගමැති කම  භාරගත් දින සිට රනිල් ගේ  උපාය මාර්ගය වුයේ ශ්‍රීලනිපය දෙකට කැඩීයාම තව තව අවුළුවා තැබීමට  අවශ්‍ය වටපිටාව හදමින් ඊට පෙට්‍රල්  හැලිමය   .එක්සත් ජාතික  පක්ෂයට 2025 දක්වා  බලයේ සිටීමට  හැක්කේ එමගින් පමණක් බව රනිල් සහ සමාගම නිගමනය  කළාට සැකයක් නැත. එබැවින් මහින්ද  කොම්පැනියේ හොරුන්ට දඬුවම් කිරීම ඔහු අමතක  කර දැම්මේය. ශ්‍රීලනිප බෙදීම දිගින් දිගටම  තබාගත  හැක්කේ මහින්ද සමාගමේ අය හිරගෙවල්වල නොව දේශපාලන භුමියේ  සිටිය හොත්ය .රනිල් මහින්ද සමග ඩීල් දමන  බව  ඇතැමෙකු කිවත්  බොහෝ අය එය විශ්වාස  කලේ නැත .මහින්දලා  යහතින් සිටින්නේ විජේදාස රාජපක්ෂගේ  යටිකුට්ටු වැඩ  නිසා  බව දෙවෙනි පෙළේ යුඑන්පි  කාරයන්ගේ විශ්වාසය විය . රනිල් නිසා   අන්තිමට   බෙල්ල දෙන්නට සිදුවුයේ  විජේදාස  රාජපක්ෂටය .


රනිල්ගේ සුත්තරය  සාර්ථකවී  ශ්‍රීලනිපය  දෙකට  බෙදුනේ නැති බව  පලාත්පාලන චන්ද  ප්‍රතිඵල  තහවුරු කළේය. ශ්‍රීලනිපයෙන් 86 % ක් මහින්ද සමග  හිටගත් අතර මෛත්‍රීට ඉතුරු වුයේ14% ය .  ශ්‍රීලනිපය බෙදන්නට  ගිය රනිල්ට දැන් සිදුවී  තිබෙන්නේ  ඔහුට එරෙහිව එජාපය තුළ  හමන කුණාටුවට මුහුණ දීමටය. .කුණාටුව  පාලනය  කිරීම සඳහා තනි එක්සත් ජාතික ආණ්ඩුව ක් පිහිටුවීම  ඔහු ගේ  උපක්‍රමය වී  තිබෙන  බව  පෙනේ .


එක්සත් ජාතික  පක්ෂයට මේ වලෙන් ගොඩ ඒමට   යුතු පලමු  කටයුත්ත  නම් රනිල් , මලික් කබීර් හෂීම් රවී කරුණානායක සහ අර්ජුන් අලෝසියස්ගේ බේරාගැනීමට දර දිය ඇද්ද හොර අලින් ගෙදර යැවීමය. එසේ  කර මහජන විශ්වාසය  දිනා  ගැනීමය .දෙවන කාර්යය වන්නේ  ජනවාරි 8 පොරොන්දු වහාම  ඉටුකිරීමට  කල හැකි සියල්ල  කිරීමය .


එක්සත් ජාතික  පක්ෂයේ තනි ආණ්ඩුවක් පිහිටුවා   UNPට ගොඩ එන්නට  පුළුවන් යැයි සිතන්නට  කාරණා  නම් මට පෙනෙන්නේ නැත . තනි ආණ්ඩුව  හදන්නේ නම්  රවී  කරුනානයකලා  තබාගැනීමට සිදුවේ. . රවී සිටින ආණ්ඩුවක් කෙරෙහි මහජනයාට විශ්වාසයක් ඇතිවෙන්නේ නැත .අනෙත් අතට  ශ්‍රීරීලනිපයේ සහයෝගය  තිබියදී  නොකළ වැඩ තනි UNP  ආණ්ඩුවකට  කළ  හැකිද?



මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා  සහ  ඔහුගේ ශ්‍රීලනිපය මුහුණ දී  තිබෙන  ප්‍රශ්නය එක්සත් ජාතික  පක්ෂයට වඩා බරපතලය .එක්සත් ජාතික  පක්ෂයේ  පැවැත්මට  අනතුරක් නැතත්  මෛත්රිගේ ශ්‍රීලනිපයේ  පැවැත්ම බලවත් අනතුරකට  පත්ව තිබේ. එක්සත් ජාතික  පක්ෂය සමග තව දුරටත් ආණ්ඩු කිරීමෙන් සිදුවන්නේ මීළඟ මහා මැතිවරණයේදී ඔවුන් දේශපාලන  භුමියෙන් විසිවී යාම  බව ඔවුන් දැන් වටහා  ගෙන තිබේ. .එබැවින් ආණ්ඩුවෙන් ඉවත් වීම  හැර වෙනත් විකල්පයක්මේ මොහොතේ  ඔවුන්ට  නොමැත . එපමණකින්ම ඔවුන්ට  වැටුණු  ප්‍රපාතයෙන්  ගොඩ ඒමට  නොහැක  . ජනාධිපතිවරයාගේ  නිල කාලයද  ලබන වසර අවසානයේදී අවසන් වේ . එබැවින්  රාජපක්ෂලාට  යටනොවී ශ්‍රීලනිපය  ගොඩ  ගැනීම අන්තිම අසීරු  මට්ටමට වැටි තිබේ.  රනිල් වැටුනේ වලකටය .මෛත්‍රී  වැටී සිටින්නේ දැවැන්ත ප්‍රපාතයකටය  .


එහෙත් ඔහු වැටී  තිබෙන්නේ ගොඩ ඒමට නොහැකි ප්‍රපාතයකට  නොවේ. 


Image result for maithri disappointed


මැතිවරණයෙන් පසු ගොඩනගන  බව   කී  දුෂණ විරෝධී පෙරමුණ  යථාර්තයක්  කරමින්  සිවිල්  සංවිධාන වල සහ  වාම  මත දරන සංවිධානවල සහය  එයට ලබා  ගනිමින්  රාජපක්ෂ විරෝධී වැඩ  පිළිවෙලකට මෛත්‍රී අවතීර්ණ වේද ? නැතහොත් ශ්‍රීලනිපය රාජපක්ෂට භාරදී  ලබන වසර අගදී ඔහු ගෙදර  යන්නට  සුදානම් වේද  ? යන්න  ඉදිරි  මාස  කීපය  තුළ අපට දැක  ගත  හැකිවෙනු ඇත  


Comments

Popular posts from this blog

රණසිංහ ප්‍රේමදාස ට බියවී පැනගිය ප්‍රේමදාස උඩුගම්පොල

           The Indian Express පුවත් පතේ  ප්‍රධාන  කර්තෘවරයා වූ ෂෙකර් ගුප්ත ජවිපෙ  කැරැල්ල  උග්‍රව තිබු 1989  දිනක ප්‍රේමදාස උඩුගම්පොල  හමුවීමට මහනුවරට ගියේය. එකල ඔහු මධ්‍යම  පළාතේ නියෝජ්‍ය  පොලිස්පති වරයා විය . ඔහුගේ කාර්යාලය ෂෙකර් ගුප්තා   විස්තර  කළේ මෙසේය . ' ඔහුගේ මේසයේ  ලාච්චුවක් බාගෙට ඇර තිබිණ එහි විවිධ වර්ගයේ අත් බෝම්බ කීපයක්ද ,ජිනීවා සම්මුතියෙන් තහනම් කරන  ලද ඩම් ඩම් උණ්ඩ ද තිබිණ.(එම උණ්ඩ වැදුණු විට ශරීරයේ ඇතිවෙන තුවාලය විශාලය ) උඩුගම්පොලගේ ප්‍රියතම ආයුධයවූ බ්‍රවුනින් 38 පිස්තෝලයට එම උණ්ඩ  දැමීමට ඔහු වැඩි කැමැත්තක් දැක්වීය .ඔහුගේ දකුණු පසින් Uzi වර්ගයේ සබ්මැෂින් තුවක්කුවක් තිබිණ . ඒ අතර  ඔහුගේ පුටුව අසලින් සැහැල්ලු මැෂින් තුවක්කුවක් තිබෙනු මා දුටිමි  .එයට අමතරව ඔහුගේ  ලිපි ගොනුවකට  යටින්  කොමාන්ඩෝ පිහියක් ද විය  .'                     ( බ්‍රවුනින් 38 වර්ගයේ පිස්තෝලයක් )  "ඔබ  ඔපමණ කෘර ඇයි? " ෂෙකර් ගුප්ත උඩුගම්පොලගෙන් ඇසීය . " මම කොහොමද 1988 ජුලි 28 අමතක කරන්නේ? " උඩුගම්පොල  ඇසීය .   ෂෙකර් ට අනුව ,  එම දිනයේ   උඩුගම්පොලගේ අ

කොටි සොයා යාපනේ ගියෙමි

 "කොටි  නැගිටිනෝ ! "  "කොටි නැගිටිනෝ ! " කියමින් දකුණේ ඇතැමුන්  මොර  දීම නිසා  එය සත්‍යයක් දැයි සොයා  බැලීමටත් , ආණ්ඩුව  පිළිබඳව  යාපනේ  ජනයා දරන  මතය  කුමක්දැයි දැන  ගැනීමටත්  , යාපනයේ සිටින  මගේ  පැරණි මිතුරන්  හමුවී සතුටක්  ලැබීමටත්  යාපනය අර්ධද්වීපයේ  සහ නාගද්වීපයේ  සංචාරය  කිරීමටත් ඉකුත් අප්‍රියෙල්  14 වනදා  හැන්දෑවේ  යාපනය බලා  පිටත් වුයෙමි .  සංචාරයක් සඳහා  දකුණේ  සිට  යාපනය අර්ධද්වීපයට ගොඩබිමින්  යාමට ඔබ අපේක්ෂා  කරන්නේ  නම් ඒ සඳහා තෝරා  ගැනීමට  තිබෙන  හොඳම ප්‍රවාහන විධික්‍රමය වන්නේ දුම්රියයි . හන්දී අතපය රුදාවකින් තොරව ගමනාන්තය  තෙක්  යාමට  නම් දුම්රියේ පළමු  හෝ දෙවන  පන්තියේ  බලපත්‍රයක් ලබා  ගත  යුතුය කොළඹ  කොටුවෙ  සිට  දුම්රිය  4ක් දිනපතා  උතුර  බලා යයි. උදේ  5.45 ට අන්තර්  නගර ( intercity) දුම්රියක්ද , උදේ  6. 17 ට යාල් දෙවි දුම්රියද , පෙ.ව. 11.50 ට උත්තර දේවි අන්තර් නගර දුම්රියද රාත්‍රී 8.30 ට night mail නමින් ප්‍රසිද්ධ  රාත්‍රී තැපැල් දුම්රියද  එසේ  උතුර  බලා  යන දුම්රිය වේ . කල් ඇතිව  ආසන වෙන්කරවා  ගෙන  යන්නේ  නම් අඩ හෝරාවකට  

පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන

           සිරි ලංකාවේ  මිනිස්සු අනුන්  විවේචනය කරන්නට   ඉතා දක්ෂය.කැමතිය.  විශේෂයෙන්ම  ගැහැනුන්  විවේචනය  කිරීමට  පිරිමින්ද ,  තමන්ගේම  වර්ගයා විවේචනය  කරන්නට  ගැහැණුන්ද  ඉතා  කැමතිය. දඟකාර  කෙල්ලෙක්  හෝ  කාන්තාවක්  ගමක හෝ  නගරයක සිටී  නම් ගැහැනුන් ඇය  විවේචනය  කරන්නේ  " ඕකිට  මදන විසේ  ඔලුවට ගහල "   " ඕකිට  මිනිස්සු  ඉසේ  කෙස්  ගානට ." ආදී  ලෙස හෙලා  දකිමිනි.  පිරිමින්  එවැනි  තරුණියක් හෝ  කාන්තාවක් විවේචනය කරන්නේ " ඕකි සේල් බඩුවක් " යනාදී  ලෙස  පරිභව  කරමිනි.     විශේෂයෙන්ම  කාන්තාවන් හෙලා දැකීම  අනාදිමත්  කාලයක    සිට  පැවතෙන හෙල සිරිතක් බව තොටගමුවේ ශ්‍රී රාහුල ස්වාමින් වහන්සේ ලිව්  කාව්‍යසේකරයේ   "පිරිමිනිදු පතන  අවසර  කල රහස්  තැන  මිස  නොලැබෙන  බැවින  ගැහැණු  කවුරුද වරදේ නොබැඳෙන." යන පද  හතර  කියවූ විට සිතේ. උන්වහන්සේ    ගැහැනුන්ට එසේ    තඩි බෑවේ උන්වහන්සේ  පවුද්ගලිකව  ලැබූ අත් දැකීම්  නිසාද,   නැතහොත් එකල  සමාජයේ  ගැහැණු ඉඩක් , වෙලාවක් ,රහසිගත  තැනක් ලැබුණු සැනින් තවත්  පිරිමින් සමග රමණයේ යෙදීම  සුලබව  සිදු වී  නිසා