Skip to main content

Posts

Showing posts from April, 2018

නිධානයක් වූ ලෙස්ටර් ට පස්ස පෙන්වීම

     ලෙස්ටර් ජේම්ස්  පිරිස් මහතා, ලංකික සිනමාව  යා යුතු ඉසව්ව   රේඛාව සහ ඉන් පසු තැනු විශිෂ්ට සිනමා  කෘතීන්  මගින් අපට  කියා  දුන්නේය. එහෙත් ඔහු එළිකළ  මාවතේ  ගියේ අතලොස්සක් සිනමා  කරුවන් පමණි .බොහෝ සිනමා  කරුවන් විසින් කසි කබල්  ඉන්දියානු චිත්‍රපට අච්ච්වේ සිංහල  චිත්තර  පටි  අච්චු ගසා ප්‍රසිද්ධ  කළහ . එමගින්  ඔවුන්ගේ සාක්කු පුරවා  ගත්  අතර ලාංකික සිනමාව වල පල්ලට ඇද දැම්මේය . ලෙස්ටර් යුරෝපයේ හෝ ඇමරිකාවේ උපන්නේ නම් ඔහු  අංක එකේ සිනමා  කරුවෙකු ලෙස  ලෝකයම හඳුනා ගනු ඇත . එවැනි විශිෂ්ටයෙකුගෙන් අප  ඉගෙන ගත්තානම් ඒ සොච්චමක්  පමණි . අප කණගාටු විය යුත්තේ  ඔහුගේ  අභාවයට වඩා ඒ  පිලිබඳවය . මගේ බුකි මිත්‍රයෙකු වන  කේතක දිනාජ් විසින් ලෙස්ටර් ගේ  සිනමා නිරමාණ  ගැන අගනා විවරණයක් බුකියේ ලියා තිබුණේය. එය මා  මෙහි නැවත  පළකරන්නේ එවැනි රචනයක්  ලියන්නට  තරම්  සිනමාව ගැන තිබෙන මගේ දැනුම ප්‍රමාණවත් නොවන නිසාය .  =========================== ලෝකය ඉදිරියේ ලෙස්ටර් නිරාවරණය කල ලංකාවේ නිධානය නිධානය චිත්‍රපටයට පාදකකොට ගෙන ඇත්තේ ජී.බී සේනානායක මහතාගේ 'පලිගැනීම'කෙටිකතා සංග්‍ර

නන්දිකඩාල් කලපුව අද්දර සිට ඔබට ලියමි

        තමිල් ඊළමේ විමුක්ති කොටින්ට උතුරු  ලංකාවේ  මේ  කෙරවල  වසර  ගණනාවක්  බලකොටුවක්  වි තිබිණ  .තමන්ගේ  පොලිසි ද  ,තමන්ගේ  උසාවිද LTTE සංවිධානයට  තිබුනේය. කුඩා වාණිජ මධ්‍යස්ථානයක් වූ  පුතුක්කුඩියිරුප්පු හී ඔවුන්ගේ නායකයාවූ  වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ට නිවසක්ද ශක්තිමත්  බංකරයක්ද තිබිණ . අද මුලතිව්  දිස්ත්‍රික්කයේ වාසය  කරන  තරුණ පරම්පරාව  වැඩි කාලයක් ජීවත්වුයේ ලංකාවේ ආණ්ඩු යටතේ නොව LTTE  පාලනය  යටතේය . LTTE සංවිධානය 2009 දී තම අන්තිම සටන  කරුණු ලැබුවේද මුලතිව් හීදීය .හතරැස්  කිලෝමීටර  3  ක වැලි තීරයක සිදුවූ  යුද්ධයෙන් බේරීම සඳහා  දෙපැත්තේම වෙඩි ප්‍රහාරයන්ට  මැදිවෙමින් ලක්ෂයක  ජනතාවක් මෙහි සරණ සොයා පැමිණියහ .එහි අවසාන  මාස  කීපය 'අපායට සමානවූ බව ' එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියා තිබේ. යුද්ධය අවසන් වී වසර 10 කට ආසන්න වී  ඇතත්  බොහෝ තුවාල තවමත් සුවවී  නැත .  මෙම දිස්ත්‍රික්කයෙන් හමුදාව  ඉවත් වී යාම  ඉතා මන්දගාමී  වන අතර ලංකවේ දුප්පත්ම දිස්තික්ක වලින්  එකක් වන්නේ  මෙයයි. මුලතිව්  නගරය වටා සැරිසරන විට  ඇසෙන්නේ   ජනයාගේ දුක්ඛ දෝමනස්සයන්‍ ය. ඔවුන් කලක

සුගන්ධිකා කිව් කතා සහ නොකිව් කතා

       සුගන්ධිකා  ෆර්නැන්ඩු මහත්මිය එක රැයකින්  ජනප්‍රිය චරිතයක් වී  තිබේ. එමෙන්ම එක රැයකින් සතුරන් රැසක්ද ඇය ඇති කරගෙන තිබෙන බව  පෙනේ. අධිකරණ ශේෂ්ත්‍රය කොතරම් කුණු වී තිබේ දැයි ඇය  හෙළි කිරීම නිසා  බොහෝ  නීතිඥයන් ඇය සමග  උරණ වී  තිබේ . ඔවුන්ට   සුගන්ධිකා අප්පිරිය වී  තිබෙන්නේ ඇය බොරු කීම නිසා  නොවේ. ඇත්ත  කීම නිසාය . ඇත්ත  හෙළි කිරීමෙන් උසාවියේ   හංගාගෙන තිබෙන  ඇට සැකිලි දැක අධිකරණය කෙරෙහි  තිබෙන ගෞරවය මිනිසුන්  තුළින් අහෝසි වී  යතැයි මෙන්ම නීතිඥ යන් යනු ඩ්රැකියුලාගේ පරම්පරාවෙන් පැවත එන්නන් බවට  සැකපහල කරනු ඇතැයි ද බියට  පත්වූ  බොහෝ නීතිඥයෝ     ඇයට දෙස් දෙවොල්  කියන්නට  පටන්ගෙන   තිබේ. සුගන්ධිකාට  පෙර අධිකරණයේ   නොපණත්  කම් වලට එරෙහිව මෑත කාලයේ  සටනට  බැස්සේ  නීතිඥ  නාගානන්ද  කොඩිතුවක්කු  මහතාය . මේ නිසා නීතිඥ  සංගමය මෙන්ම ඇතැම් අධිකරණ නිලධාරීන්  ඔහු දෙස  බලන්නේ සතුරෙකු  ලෙස  බව  පෙනේ. සුගන්ධිකා  මහත්මිය ආපසු එතෙර නොගොස්  ලංකාවේ  නතරවී සටන දිගට  ගෙනියන්නේ නම  නාගානන්ද මහතාටද   නව  පණක් ගෙන  සටන  ඉදිරියට  ගෙන යාමට ශක්තියක් වනු ඇත  .   අධිකරණයේ ඇතැමෙකුගේ   කැ

අවුරුද්ද සිංහලද ?

            ලිපියේ  මාතෘකාව දුටු විට පරම පවිත්‍ර අමු සිංහලයන්ට  යකා ආරුඪ වෙන බවට සැකයක් නැත .කෙසේ  වෙතත්  මගේ  ලිපියේ අරමුණ වෙන එකකි. ලිපිය කියවා අවසන් වූ විට සුද්ධ සිංහලයන්ට අසු හාරදාහට  නැග  පොලු මුගුරු , කඩු කිණිසි, පමණක් නොව ගල් කටස් ද රැගෙන  මා  හොයා  ගෙන ඒමට  ඉඩ  තිබේ. එබැවින් මේ  ලිපිය අන්තර්  ජාලයේ නොමැකෙන ලෙස  කොටා , සතියක් හමාරක් යන තුරු  ගෙදරින්  පිටවී  සිටීමට සැලසුම් කරගෙන සිටිමි . අපේ සීයා  ඉස්සර  නොවරදවා ඈපා පංචාංග ලිත මිලදී  ගැනීමට  පුරුදුවී  සිටියේය. අපේ සීයා  පමණක් නොව  කොයි  කවුරුත් වාගේ  පංචාංග  ලිත  මිලදී  ගත්හ. එකල මිනිසුන්  එහි සඳහන් අවුරුදු  චාරිත්‍ර වාරිත්‍ර අකුරටම ඉටු  කරන බැවින් පංචාංග  ලිත  නැතිවම බැරි  විය . ඒ    කාළයේ  නැකත් දැනගැනීමට  තිබුණු එකම  මග එය විය , අද මෙන්  නැකත්  කියන්නට රුපවාහිනී නොවීය .රේඩියෝ හෙවත් ගුවන් විදුලි යන්ත්‍ර තිබුණු මුත් ඒවා  තිබුණේ  ගමකටම  හත අටකි . දිනමිණ  පත්තරය සමග වසරකට වරක් නොමිලේ  ලිතක්  ආ  නමුත් පත්තර මිලදී  ගත්තේ ඉතාමත් අතලොස්සක් පමණි. එබැවින් කාගේත් විශ්වාසය   හිමි කරගෙන තිබු පංචාංග  ලිත නැති නිවසක්  නැති තරම්

මී ළඟ ජනාධිපති කවුද?

            ජනාධිපති තනතුරේ ආයු කාලය 19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව අවුරුදු  5 කි .ඒ  බව එම සංශෝධනයේ සඳහන් වන්නේ මෙලෙසය . (2) " The President of the Republic shall be elected by the People and shall hold office for a term of five years.”. මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති තනතුරේ වැඩ  භාර  ගනු ලැබුවේ  2015  ජනවාරි  9   වන දින  බැවින්  ඔහුට ජනාධිපති පුටුවේ  සිටිය  හැක්කේ 2020  ජනවාරි 8 වෙනදා රාත්‍රී  12 දක්වා  පමණය . එය  ශ්‍රේෂ්ඨාධිකරණයේ  තීන්දුවකින්ද තහවුරු  කර තිබේ. එබැවින්  ඉන් ඉදිරියට  ජනාධිපති සතු වගකීම සහ බලතල  ක්‍රියාත්මක කිරීම සඳහා මී  ළඟ  ජනාධිපතිවරණයෙන්  ජයගත් පුද්ගලයා  ජනධිපති පුටුවේ වාඩි විය  යුතුය .  ඊ  ළඟ  ජනාධිපතිවරණය  ලබන වසරේ (2019 ) දෙසැම්බර්  මස අගදී  හෝ  2020  ජනවාරි  මස  මුලදී  පැවැත්වෙනු ඇත.   මී  ළඟ  ජනාධිපති  අපේක්ෂකයන්  කවුරුන් වෙනු ඇත්ද ? තමා  යලිත්  ජනාධිපති  තනතුරට යලි  නොඉල්ලන  බව මෛත්‍රිපාල  සිරිසේන  මහතා  ජනාධිපති වූ අලුත කිව්  නමුත් එම අදහස  ඔහු වෙනස්  කරගෙන තිබෙන  බව පසු ගිය  කාළයේ  ඔහු  කළ කි දෑ  තහවුරු කර තිබේ .විධායක  ජනාධි